පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට නතර කර ඇතැයි වාර්තා වනවා.
දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ දුම්රිය ඉංජිනේරු තාක්ෂණික කමිටුව මතු කළ ගැටලු කිහිපයක් හේතුවෙන් ඉදිකිරීම් නතර කිරීමට සිදුව ඇතැයි බවයි.
දිට්වා ආපදාවෙන් පසු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙහි ඉදිකිරීම් ආරම්භ කර තිබුණා.
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වු දුම්රිය ගමනේ අමතක නොවන සුවිශේෂි අත්දැකීමක් වන්නේ පේරාදෙණිය කළු පාලම මතින් ගමන් කිරීමයි.
කෙසේවෙතත් පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කළු පාලමට දැඩි ලෙස අලාභ හානි සිදු වුණා.
මේ හේතුවෙන් මහනුවර දක්වා වූ දුම්රිය ගමනාගමනය නතර වූ අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු ………. මාසයේ දී ආරම්භ කළා.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, ඔවුන්ගේ ඉලක්කය වූයේ අප්‍රේල් මස වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමයි.
කෙසේවෙතත් මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා තිබෙනවා.
පසුගිය සති අන්තයේ ඇති වූ වර්ෂාවත් සමග ප්‍රතිසංස්කරණ කටයුතු අතරමග ඇන හිටි පාලම දිස් වූයේ මෙලෙසයි.
පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.





