කවුඩුල්ල ජාතික උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව උද්‍යානයට ඇතුළු වීමේ ජාවාරමක්

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනඅලි නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් රැගත් ජීප් රථ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව උද්‍යානයට ඇතුළු වී විදේශිකයන් ලබා දෙන මුදල් වෙනත් කණ්ඩායමක් අතර බෙදා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හබරණ ප්‍රදේශයේ ජීප් සෆාරි සංගම් අනාවරණ කරනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ නීතිවිරෝධී අයුරින් ජාතික වනෝද්‍යානයට ඇතුළුවන්නන්ට නීතිය ක්‍රියාත්මක කරල ලෙසයි.

කඩුඩුල්ල ජාතික වනෝද්‍යානය මෙරට වන අලි නැරඹීම සඳහා සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ගමනාන්තයක්.
ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් පැමිණ විදේශිකයින්ගෙන් මුදල් ලබාගෙන එම මුදල කිහිපදෙනෙකු අතර බෙදා ගන්නා ජාවාරමක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ ජිප් රථ මගින් එක විදේශිකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 25 ක මුදලක් අය කරගන්නා බව සඳහන්.
ඊට අදාළව හබරණ ජීප් සෆාරි සංගමය වනජිවි දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව කළ වැටලීමක දී වංචනික අයුරින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ ජිප් රථ 10ක් නිලධාරීන් භාරයට ගනු ලැබූ අතර ඔවුන්ට වනෝද්‍යානයට ඇතුලු වීම ද තහනම් කරනු ලැබුවා.

ඉදිරියටත් මෙම ජාවාරම් කිරීමට ඉඩ ලබා නොදී ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස ජීප් සෆාරිකරුවන් බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

Share