යහපත් විශ්‍රාම දිවියක් උරුමවන පරිදි කලාකරුවන්ගේ ආර්ථික යහ පැවැත්ම නඟා සිටුවීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා
මරදාන ටවර් රඟහලේ පැවතී උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ කලාව යහපත් සමාජයක් හෝ අයහපත් සමාජයක් නිර්මාණය වීමට එකසේ බලපාන බවයි.
මහවැලි කලාපවල ජීවත්වන තරුණ තරුණියන්ගේ කලා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා වසරක් පාසා පැවැත්වෙන මහවැලි කලා උලෙළ සහ සම්මාන උලෙළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන මහවැලි කලා සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ කලාකරු දිවංගත සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතායි.
ඔහුගේ බිරිඳ සම්මානය ලබා ගත්තා.





