යාපනය කයිට්ස් ප්‍රදේශයේදී පසුගියදා අණ නොතකා පලා යමින් තිබූ වෑන් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ තරුණයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා
මෘත ශරීරය අවසන් කටයුතු සඳහා රැගෙන යන අතරතුර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධත්වයේ ද නිරත වුණා.
තරුණයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුනේ වඩුකෝඩ්ඩෙයි සුසාන භූමියේදීයි.
මෘත ශරීරය අවස කටයුතු සඳහා රැගෙන යන අතරතුර තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයේද නිරත වුණා.
යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී අණ කොනකා පලායමින් තිබු වැන් රථයක් නැවැන්වීම සඳහා පොලිසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 10 වැනිදායි.
කයිට්ස් අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී පොලිසිය විසින් වෑන් රථයක් නැවැන්වීමට සංඥා කර ඇති අතර වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා.
එම අවස්ථාවේදී මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස වැන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වී තිබුණා.
එම අවස්ථාවේදී පොලිසිය අහසට වෙඩි තබා වෑන් රථය නැවැත්වීමට සංඥා කර ඇති අතර එම අණද නොතකා වෑන් රථය පලායමින් තිබූ බැවින් වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් වෑන් රථයට වෙඩි තබා තිබුණා.
එහිදී වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අදාළ තරුණයා වෙඩි වැදී තුවාල ලැබූ අතර ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ මෙහෙයුම් දියත් කෙරෙන සෝදිසි කිරීම්වලදී පවතින නීතියට අනුගත වන්නේ නම් කිසිදු බාධාවකින් තොරව රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.





