මේ අතර නායයෑම හේතුවෙන් වසා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ පිලිසකර කිරීම් තවදුරටත් සිදුකෙරෙනවා.
භෞතිකව මැනීම් කටයුතු සිදුකිරීමට අපහසු වීම හේතුවෙන් ඒ සඳහා ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැණුනා.
එම ස්ථානය සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
මේ අතර ඊයේ රාත්‍රියේ පැවති අධික වැසි හමුවේ බෙරගල සහ හපුතලේ අතර හල්දුම්මුල්ල කදිරේෂන් කෝවිල අසලින් මාර්ගයට පස්කන්දක් කඩා වැටී කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
පසුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව රථ වාහන ධාවනය සඳහා එක් මං තීරුවක් විවෘත කර තිබෙනවා.
මේ අතර බදුල්ල, ගාල්ල, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව ද 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් පවතින වැසි සහිත තත්ත්වයේ බලපෑම ලබන 29 වැනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍ය දෙපරේතමේන්තුව සඳහන් කළා.





