කඩා වැටුණු USA කොටස් වෙළෙඳ පොළ

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක සියල්ලම අඛණ්ඩව සිව්වන වරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ජපාන ධජය යටතේ යාත්‍රා කරන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ජපානයේ කියෝඩෝ නිව්ස් පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, මසන්දරන් පළාතේ කැස්පියන් මුහුද අසබඩ පිහිටි ඉරානයේ වෙරළබඩ නගරයක් වන රම්සාර්හි පිහිටි නිවස සංකීර්ණයකටත් අමෙරිකාව ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා භාවිත කරන යුද කඳවුරු ඉලක්ක කර ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුද්ධයේ පළමු සති දෙක තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ හානියක් සිදුව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සහ බීබීසී පුවත් සේවය සිදුකළ විශ්ලේෂණයකට අනුව, මෙම හානියෙන් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව යුද්ධය ආරම්භ කළ පළමු සතිය තුළ ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන්.
කෙසේ වෙතත්, කලාපය තුළ පවතින අමෙරිකානු දේපළවලට ඉරාන ප්‍රහාරවලින් සිදුවූ සම්පූර්ණ හානිය මෙතෙක් නිශ්චිතව පැහැදිලි නැහැ.
කෙසේ වෙතත් අමෙරිකානු යුද යටිතල පහසුකම්වලට සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර ඇති මෙම ඩොලර් මිලියන 800ක හානිය, මීට පෙර වාර්තා වූ ප්‍රමාණයන්ට වඩා වැඩි අගයක් බව සඳහන්.

පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය (Hrana) ඇස්තමේන්තු කරන පරිදි, යුද්ධයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව, සිවිල් වැසියන් 1,400ක් ද ඇතුළුව 3,200කට ආසන්න වී තිබෙනවා.

කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාමට ආසන්න වීම සහ යුද්ධයේ කාලසීමාව පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් මේ වන විට ගෝලීය ආර්ථිකය දැඩි ලෙස කැලඹීමට ලක්ව තිබෙනවා.
මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජපානයේ කියෝඩෝ පුවත් සේවය වාර්තා කරන්නේ, ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බවයි.
දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡා පවත්වා අත්තේ මැදපෙරදිග පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ පනවා ඇති නාවික අවහිරතා තාවකාලිකව ලිහිල් කිරීමේ අරමුණින්.
කෙසේ වෙතත්, ජපාන බලධාරීන් අවධාරණය කරන්නේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී ඇමෙරිකාව කුපිත නොවන පරිදි ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.
ජපාන අගමැති සානේ ටකයිචි මහත්මිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යළි ජපානය බලා පැමිණෙන අතරතුර මෙම අවසරය හිමිවීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ජපාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් පවසන්නේ ඉරානය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිටුපස ඇති සැබෑ අභිප්‍රාය පිළිබඳව මේ වන විට දැඩි ලෙස විමර්ශනය කරමින් සිටීන බවයි.

මේ අතර, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාවේ වේලාවෙන් ඊයේ එරට කොටස් වෙළෙදපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබූ බව සඳහන්.
ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1% කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී තිබෙනවා.
මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව සිව්වන වරටත් වීම සුවිශේෂී තත්වයක්.
ඉරානය විසින් දියේගෝ ගාසියා ඇමෙරිකානු කඳවුරට එල්ල කළ මිසයිල ප්‍රහාර සහ බ්‍රිතාන්‍යය සිය කඳවුරු ප්‍රහාර සඳහා විවෘත කිරීම වැනි ජාත්‍යන්තර වර්ධනයන් ආයෝජකයින් අතර දැඩි අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ටෙස්ලා සමාගමේ හිමිකරු එලෝන් මස්ක් ආයෝජකයින් නොමඟ යැවූ බවට අධිකරණය හමුවේ වැරදිකරු වීමද වෙළඳපොළ අස්ථාවර වීමට තවත් ප්‍රධාන සාධකයක් වි තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවේදී ද අවධාරණය වූ පරිදි, මෙවැනි ගෝලීය මූල්‍ය වෙළඳපොළ කඩා වැටීම් ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට මෙන්ම විදේශ ආයෝජනවලට ද සෘජුවම බලපෑම් කළ හැකියි.
යුරෝපය සිය බලශක්ති ස්වාධීනත්වය සඳහා න්‍යෂ්ටික බලශක්තිය දෙසට හැරීම සහ නාසා ආයතනයේ Artemis II වැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක වන මොහොතක, මෙම ආර්ථික පසුබෑම ලෝක දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වනු ඇති.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ කතා කළ බව X හි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හෙළා දුටු මෝදි, නැව් මාර්ග විවෘතව හා ආරක්ෂිතව පවතින බව සහතික කිරීමේ වැදගත්කම එහිදී නැවත අවධාරණය කර තිබෙනවා.

Share