කටුනායක දෙවැනි පර්යන්ත ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ යෝජිත දෙවන මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමේ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතා ප්‍රමුඛ ජයිකා නියෝජිත කණ්ඩායම සමග පැවැත්වුණා.
දෙවන මගී පර්යන්තය ඉදිකිරීම ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර වූ දිගුකාලීන සබඳතා අතර ප්‍රමුඛත්වයක් ගන්නා බව ජපාන තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණ වුණා.
එම වාර්තාව ලැබුණු පසු අධ්‍යයනය කිරීමට සති තුනක පමණ කාලයක් අවශ්‍ය බව ජපන් නියෝජිත කණ්ඩායම දන්වා සිටි අතර, ඉන්පසු මිල ගණන් ලංසු විවෘත කළ හැකි බවද ප්‍රකාශ කළා.

Share