ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසකට හෙට දිනය සඳහා ව්‍යසනකාරී මට්ටමේ ගිනි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Longwood ප්‍රදේශයේ හටගත් ලැව්ගින්න පාලනය කරගත නොහැකි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, දැනටමත් නිවාස සහ දේපළ කිහිපයක් විනාශ වී ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්න පාලනය කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගිනි නිවන භටයන් 90කට අධික පිරිසක් සහ ගුවන් යානා 70ක් කැඳවා තිබෙනවා.
මේ අතර අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා සම්පූර්ණ ගිනි තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, හෙට දිනයේදී ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය පහල යනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, Geelong සහ Mildura ඇතුළු ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.





