ඕස්ට්‍රියාවේ වයස අවුරුදු 14ට අඩු ගැහැනු දරුවන්ට පාසල තුළ දී හිජාබය පැළඳීම තහනම්

වයස අවුරුදු 14ට අඩු ගැහැනු දරුවන්ට පාසල තුළ දී හිජාබය පැළඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියා රජය පියවර ගෙන තිබෙනවා.
එරට පාලක කන්සර්වේටිව් පක්ෂය සදහන් කරන්නේ ස්ත්‍රී, පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම සදහා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඕස්ට්‍රියාවේ රජයේ හා පෞද්ගලික පාසල්වල වයස අවුරුදු 14ට අඩු ගැහැනු දරුවන්ට හිජාබය හෝ බුර්කාව පැලඳීම තහනම් වනු ඇති
මෙම නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනිමට නියම කර ඇති අතර යුරෝ 800ක් දක්වා දඩ මුදල් පැනවීමට ද නියම කර තිබෙනවා.

Share