2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී සියලු දෙනාදැවී ලකුණු 103ක් රැස්කර ගත්තා.
එහිදී විනායක් ෂුක්ලා ලකුණු 28 සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා.
පන්දුයැවීමේදී රිචඩ් නග්ර්වා, බ්ලෙසිං මුසර්බනි සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වුණා.
ජයග්‍රහණය සඳහා ලකුණු 104ක ඉලක්කය සපුරා ලැනීමට සිම්බාබ්වේ කණ්ඩායම වැය කේල් පන්දුවාර 13.3ක් සහ කඩුලු දෙකක් පමණයි.





