ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හතක් පුපුරා ඉරිතලලා

කොත්මලේ රන්වන්තලාව ප්‍රදේශයේ නායයැමට ලක් වූ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරිමට පළාත් පාලන ආයතන රැසක සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරුණා.
එමෙන්ම ආපදාවට පත් ජනතාවට ආරක්ෂක අංශ විසින් පා ගමනින් ගොස් ආහාර පාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දෙනු ලැබුවා.
මේ අතර ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැළන්කන්ද තැන්නහේන ප්‍රදේශයේ නිවාස හතක් පුපුරා ඉරිතලා ගොස් ඇති බව ජනතාව පවසනවා.
මේ පිළිබඳව ගම්වාසීන් ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙ නිලධාරින් එම ස්ථානයට යොමු කර තිබෙනවා

Share