මේ අතර කිරින්ද මුහුදු වෙරළේදී රුපියල් කෝටි 350ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරු පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස කොටස මෙම විමර්ශනය කළ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින්.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල අසනීපවී රෝහල්ගතව සිටි කාලසීමාවේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකු අදාළ ඔත්තුකරුගේ නිවසට යවා ඔහු පිළිබඳව සියලු තොරතුරු ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව දැනගත් පසු අදාළ ඔත්තුකරු වහාම නිවසින් පලාගොස් තිබෙනවා.
ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඝාතනය භාරගත් කොන්ත්‍රාත්කරු රත්නපුරයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.





