ඒහි පස්සිකෝ අද කැලණියට

“ඒහි පස්සිකෝ” සාම පාද චාරිකාවේ හයවන දිනය අද ආරම්භ වුණේ යක්කල අබේසේකරාරාමය අසලින්.
අද දිනයේදී පාද චාරිකාව කැලණිය රජමහා විහාරය දක්වා කිලෝමීටර් 21ක දුරක් ගමන් කිරීමට නියමිතව තිබෙනවා. දිවයිනට වැඩමකර සිටින පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුලු මහා සංඝරත්නය පසුගිය 21 වැනිදා “ඒහි පස්සිකෝ” සාම පාද චාරිකාව ආරම්භ කළා.
එම පාද චාරිකාව හයවැනි දිනට අද ආරම්භ වුණේ යක්කල අබේසේකරාරාමය අසලින්.

සාම පාද චාරිකාව අද දිනයේදී කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී ගමන් කිරීමට තිබෙන මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 21ක්.
පාද චාරිකාවේ නිරත භික්ෂූන් වහන්සේට‌ නමස්කාර කිරීමට මේ වන විටත් මග දෙපස බොහෝ පිරිසක් රැස්ව සිටිනවා.

හෙට දිනයේ දී සාම පාද චාරිකාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ දී පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව පාද චාරිකාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනවා.
සාමයේ දූපතට – සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවය හෙට පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දෙනු ඇති.
අනතුරුව නිදහස් චතුරස්‍රයේ සිට පෙරහැරකින් ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව “ඒහි පස්සිකෝ” සාම පාද චාරිකාව අවසන් වනවා.

Share