එලොන් මස්ක් සතු SpaceX හි Starlink නියමු සමාගමක් ලෙස අන්‍යෝන්‍ය සහයෝගීතාවයක් ප්‍රාන්ත බධාරීන් අත්සන් කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය පුරා අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සම්බන්ධතාවය පුළුල් කිරීම සඳහා එලෝන් මස්ක්ගේ SpaceX හි අනුබද්ධිත සමාගමක් වන Starlink සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවයක් ප්‍රාන්ත බධාරීන් විසින් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව සාම්ප්‍රදායික ජාල සීමිතව පවතින ප්‍රදේශවලට චන්ද්‍රිකා අන්තර්ජාලය ලබා දීමෙන් Starlink ගුජරාටයේ ඩිජිටල් සම්බන්ධතා මෙහෙයුම සහ උපායමාර්ගික මුලපිරීම් සඳහා සහාය වනු ඇති.
මෙහි පළමු අදියරේදී පොදු සේවා මධ්‍යස්ථාන, විද්‍යුත් පාලන පහසුකම්, රජයේ පාසල්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ පාලන කාමර, වරාය සහ වනජීවී ආයතනයන් ආවරණය කෙරෙනු ඇති.

Share