එප්ස්ටයින්ගේ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් කොංග්‍රස් මණ්ඩල කමිටුවට

ලිංගික ජාවාරම් චෝදනා මත සිරගතව සිටියදී මියගිය ජෙෆ්රි එප්ස්ටයින්ගේ අපරාධ ජාලය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් කොංග්‍රස් මණ්ඩල කමිටුව හමුවේ පෙනී සිටියා.
එහිදී හිලරි ක්ලින්ටන් අවධාරණය කළේ එප්ස්ටයින් සිදුකළ අපරාධ පිළිබඳව තමාට කිසිදු පූර්ව දැනුමක් නොතිබූ බවයි.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අතීතයේදී එප්ස්ටයින් සමඟ සබඳතා පවත්වා ඇති බවත්, ඒ පිළිබඳව ඔහුගෙන් ද ප්‍රශ්න කරන ලෙස නීති සම්පාදකයන්ගෙන් ඉල්ලා ඇය ඉල්ලා සිටියා.
මේ අතර, සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ප්‍රකාශ කළේ දශක දෙකකට පමණ පෙර තමා එප්ස්ටයින් සමඟ පැවති සියලු සබඳතා අත්හැර දැමූ බවයි.

Share