එප්පාවල අවිධිමත් කුකුළු ගොවිපොළක් නිරික්ෂණයට ආ නිලධාරීන් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක්

එප්පාවල කදුරුගස්වැව දික්වැව ප්‍රදේශයේ අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන කුකුළු ගොවිපොළක් නිරික්ෂණයට ආ නිලධාරීන් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඊට හේතුවුණේ ගම්වාසීන්ට ගොවිපළට ඇතුලු වීමට අවසර නොලැබීම හේතුවෙන්.බලධාරීන් අනීතික ප්‍රතිලාභ මත ගැටලුවේ සැබෑ තත්ත්වය සැඟවීමට උත්සහා දරන බවට ගම්වාසීන්⁣⁣ චෝදනා කළා.

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදුරුගස්වැව , දික්වැව ප්‍රදේශයේ මෙම අවිධිමත් ආකාරයේ කුකුළු ගොවිපළ පවත්වාගෙන යන බවට ගම්වාසීන් චෝදනා කරනවාඔවුන් සඳහන් කළේ මේ සඳහා අක්කර 10ක පමණ ඉඩම ලබා ගෙන ඇත්තේ වගාවක් සිදුකරන මුවාවෙන් බවයි. ගොවිපලෙන් නිකුත් වන දුර්ඝන්ධය නිසා නිදහසේ හුස්ම ගැනීමට හෝ නොහැකි වී ඇතැයි ඔවුන්ගේ මැසිවිල්ලයි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලය, තලාව ප්‍රාදේශීය සභාව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් අදාළ ගොවිපොළ නිරීක්ෂණයට පැමිණියා.
ගම්වාසීන් ද එම අවස්ථාවට එක් වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. පසුව ගම්වාසීන් උද්ගතව ඇති ගැටලු පෙන්වා දීමට පියවර ගත්තා. ඒකාබද්ධ ක්ෂේත්‍ර පරික්ෂාවේ ලබා ගත් තොරතුරු පිලිබද සාකච්ජා කර ඉදිරි පියවර පිළිබද ගම්වාසීන් පසුව දැනුවත් කරන බව සඳහන් කෙරුණා.

Share