එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා සහ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එක් දින සංචාරයක් සදහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට එක්සත් රාජධානියෙන් ලබාදුන් මානූෂීය ආධාර සහ එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.
ඊට අමතරව ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමීගේ මෙම සංචාරය තුළ සිදුකිරීමට නියමිතයි.





