ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රහාරයක් නියෝග කළහොත් ඉරානයට එරෙහිව සති ගණනක් පුරා ක්රියාත්මක වන අඛණ්ඩ මෙහෙයුම් සඳහා එක්සත් ජනපද හමුදාව සූදානම් වෙමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
එය මීට පෙර රටවල් අතර දක්නට ලැබුණු ප්රමාණයට වඩා බරපතළ ගැටුමක් බවට පත්විය හැකියි.
අනන්යතාව හෙළි නොකිරීමෙි පදනම මත නිලධාරීන් කළ හෙළිදරව්ව, එක්සත් ජනපදය සහ ඉරානය අතර ක්රියාත්මක වන රාජ්ය තාන්ත්රික කටයුතු සඳහා අවදානමක් මතු කරනවා.
නව හමුදා ක්රියාමාර්ග පිළිබඳ බිය මතු කරමින්, ට්රම්ප් කලාපයටහමුදා බලකායන් මහාපරිමාණයෙන් යොමු කිරීමෙන් පසු, ටෙහෙරානයේ න්යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් රාජ්ය තාන්ත්රික කටයුතු නැවත ආරම්භ කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද සහ ඉරාන රාජ්ය තාන්ත්රිකයින් පසුගිය සතියේ ඕමානයේදී සාකච්ඡා පැවැත්වූවා.
සිකුරාදා එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ පෙන්ටගනය මැද පෙරදිගට අමතර ගුවන් යානා ප්රවාහන නෞකාවක් යවන බවයි.





