එක්සත් ජනපදය පුරා ප්‍රධාන ශීත කුණාටුවකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය යයි

ඊයේ එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ දැවැන්ත හිම කුණාටුව සහ ඒ් ආශ්‍රිත අනතුරු හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
හිම කුණාටුවේ බලපෑමෙන් රට පුරා ලක්ෂ 8ක් පමණ දෙනා විදුලිය නොමැතිව දුෂ්කරතාවට පත්ව සිටින අතර, ගුවන් ගමන් 11,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කෙරුණා.
ඊයේ පැවති හිම කුණාටුවෙන් පසු නිව් ජර්සි නිව්යෝක්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත කිහිපයකම පෙළොව මට්ටමේ සිට අඩියක් පමණ උසට හිම පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනය ඇතුළ සියලු කටයුතු අඩාල වී ඇති බවයි පැවසෙන්නේ
ඒ අනුව එක්සත් ජනපද ප්‍රාන්ත බොහොමයක හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෑත ඉතිහාසයේ මුහුණදීමට සිදුවූ ශීතලම කාලගුණය මෙම වසරේ පවතින බව ඇමෙරිකානු කාලගුණ අංශ පවසනවා.
මේ අතර නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි ද නගරයේ හිම ඉවත් කරමින් මාර්ගය පාදා ගැනීමට වෑයම් කරන වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබෙනවා.

Share