එක්සත් ජනපදයේ දරුණු හිම කුණාටු හේතුවෙන් ගුවන් ගමන් 5,000 ක් අවලංගුයි

එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු දරුණු හිම කුණාටු හේතුවෙන් අද දිනය තුළ ගුවන් ගමන් 5,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා .
නිව්යෝක් නගරයට බලපෑ දරුණු හිම කුණාටු හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට නිව්යොක් නගරය අත්‍යවශ්‍ය සේවා හැර සෙසු කටයුතු සඳහා වසා දැමුණු අතර, එම තහනම අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමට ද නිව්යෝක් බලධාරීන් පියවර ගෙන තිබුණා.

Share