එංගලන්තය හමුවේ අඛණ්ඩව 12 වැනි වරටත් ශ්‍රී ලංකාව T20 තරගයක් පරාජය වුණා.
ඒ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගයේදීයි.
ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය ටී.වී සුප්‍රීම් වෙත හිමිව තිබෙනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ වුවද කඩුලු 9ක් දැවී සටන්කාමී ලකුණු 146ක් රැස් කර ගැනීමට එංගලන්තය සමත් වුණා.
එංගලන්ත ඉණිමේ නැංගුරම වූ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 40කින් ලකුණු 62ක් රැස් කළා.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ කඩුළු 3යි.
ඩිල්ශාන් මධුසංක සහ දුශ්මන්ත චමීර අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 147ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දක්නට ලැබුණේ වගකීම් විරහිත අතිශය දියාරු පිතිකරණයක්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් තුළදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක ලකුණු 30ක් රැස් කළා.
කමිඳු ලකණු 13ක් රැස් කළ අතර ඒ හැරෙන්නට සෙසු එකදු හෝ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේදී විල් ජැක්ස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.





