මනුෂ්‍යත්වයක් නොමැති වූ තාක්ෂණයකින් ලෝකයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම සඳහා පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙ බව සඳහන් කළා.
2023 සහ 2024 වර්ෂවලදී උසස් පෙළ විභාගයට මුහුණදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ක්‍රියාත්මක කරන බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.
උසස් පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුසිසුවියන් 361 දෙනෙකුට මෙහිදී රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කරනු ලැබුවා.





