උෂ්ණත්වය සෘන අංශක 40ක අගයකදී පවා ශාරීරික උෂ්ණත්වය ආරක්ෂා කර ගත හැකි විශේෂිත ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක් බියගමින් වාර් තාවෙයි

උෂ්ණත්වය සෘන අංශක 40ක අගයකදී පවා ශාරීරික උෂ්ණත්වය ආරක්ෂා කර ගත හැකි විශේෂිත ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක් පිළිබඳව අපට බියගම ආයෝජන කලාපයෙන් වාර්තා වනවා.
මහා බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් පිහිටුවා ඇති මෙම කර්මාන්ත ශාලාව මගින් මෙරටට වසරකදී ලැබෙන අපනයන ආදායම ඩොලර් බිලියන දෙක ඉක්මවන බවයි පැවසෙන්නේ.

1989 වසරේදී බියගම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාපය තුළ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත්තේ එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු විසින්.
ඔහුගේම වෙළද නාමය යටතේ මෙම නිශ්පාදන එංගලන්තය, යුරෝපය, ඊශ්‍රාලය, ඉන්දියාව වැනි බොහෝ රටවලට අපනයනය කෙරෙනවා.
වෙරළ ආරක්ෂක මෙහෙයුම්, කඳු තරණය, හිම ක්‍රීඩා, විශේෂ කාලගුණ විපර්යාස මෙහෙයුම් මෙන්ම රසායනාගාර වැනි විවිධ අවශ්‍යතාවයන්ට සරිලන විශේෂිත වූ ඇදුම් මෙම කර්මාන්ත ශාලාව විසින් නිපදවනවා
ද්විත්ව ආරක්ෂණ පද්ධති, ජලකාන්දු නොවන ලෙස මැහුම් අතර විශේෂිත ආලේපිත පටියක් එක්කිරීම, ශරීර දහඩිය බාහිරට පිට කිරීමට ඇති හැකියාව, අල්ට්‍රා සොනික් භාවිතයෙන් මැහුම්වලින් තොර ඇගළුම් නිපදවීම වැනි අති නවින නිපැයුම් වලින් මෙම කර්මාන්තශාලාව සමන්විත වීම විශේෂත්වයක්.

මීට දශක 4ට පමන පෙර සේවකයින් 40 දෙනෙකුයෙන් ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාවේ අද වන විට සේවක සේවිකාවන් 500කට අධික පිරිසක් සේවය කරනවා.
වර්තමානය වන විට වසරකට රුපියල් බිලියන 2ක පමණ අපනයන ආදායමක් මෙරටට උපයා දීමට මෙම කර්මාන්ත ශාලාව සමත් වී තිබෙන බවයි රේන්වෙයාර් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී අරුණ කරුණාරත්න මහතා සඳහන් කලේ

Share