උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂය, පසුගිය 19 වැනිදා ඇරඹූ පක්ෂ සම්මේලයෙදී තවත් වසර 5ක් සඳහා පක්ෂයේ මහලේකම්වරයා ලෙස කිම් ජොන් උන් තෝරාගනු ලැබුවා.
ඊයේ ප්යොංයැං හි පැවති පක්ෂ සම්මේලනයේ සිව්වැනි දිනයේදී මෙම තෝරා ගැනීම සිදුකරන ලද අතර, 1940 ගණන්වල අග භාගයේ සිට, උතුරු කොරියානු පාලනයට කිම් පවුලට හිමි උරුමය එයින් තහවුරු කෙරුණා.
පක්ෂ සාමාජිකයින් 5,000 ක් පමණ සහභාගී වූ උතුරු කොරියානු පක්ෂ සම්මේලනය, රටේ වඩාත්ම වැදගත් දේශපාලන සිදුවීම ලෙස සලකනු ලබන අතර, රටේ විදේශ ප්‍රතිපත්තියේ සිට එහි න්‍යෂ්ටික ඉලක්ක දක්වා රටේ ප්‍රමුඛතා මෙම සම්මේලයේදී සාකච්ඡාවට ගනු ලබනවා.





