මේ දිනවල නැවතත් දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාළ ගුණය හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 201ක වර්ෂා පතනයක් උඩුදුම්බර ප්‍රදේශයට ලැබී තිබෙනවා.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් තෙවන සහ දෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදන දිර්ඝ කෙරුණා.
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
ඒ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්.
ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල සිටින පිරිසට අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා
එමෙන්ම මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන ජනතාව ද ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත් දැනුම් දෙනවා.
මේ අතර අද උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මි.මි. 301.40ක් උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මපොප්පිටිය මිලිමීටර් 155ක්, කයිකාවල මිලිමීටර් 145ක් ,නුගතැන්න මිලිමීටර් 137 පල්මල්මවල මිලිමීටර් 120, මැදමහනුවර මිලිමීටර් 103 ලැබි තිබෙනවා.
තවද මාතලේ දිස්ත්‍රික්කයේ හුනුගල්ල වත්ත මිලිමීටර් 129ක්, ඇල් කඩුව මිලිමීටර් 63.60ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධිකාරිගමට මිලිමීටර් 69.20 මෙන්ම රිකිල්ලගස්ඩ මිලිමීටර් 89.00 වර්ෂාපතනයක් ලැබි තිබෙනවා.





