ඊ – වීසා සිද්ධියට අදාළ පෙත්සම යළි කැඳවීම මාර්තු 25 වනදා

ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වලට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි මාර්තු මස 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට පෙන්වා දුන්නේ අදාල ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පරීක්ෂා කර නිගමන ලබා ගැනීම සඳහා වග උත්තර කරුවන්ට කාලය ලබාදීම සුදුසු බවයි.

විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් මාර්තු 25 දා කැඳවන ලෙසට නියෝග
අදාළ ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පරීක්ෂා කර නිගමන ලබා ගැනීම සඳහා වග උත්තර කරුවන්ට කාලය ලබාදීම සුදුසුයි – අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

Share