ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය තවත් සති තුනකට දීර්ඝ කෙරේ

හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවීමට උත්සාහ කරන ඕනෑම කුඩා හෝ විශාල යාත්‍රාවකට වෙඩි තබා විනාශ කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු නාවික හමුදාවට දැඩි ලෙස නියෝග කර තිබෙනවා.
මේ අතර, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින තාවකාලික සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.
ධවල මන්දිරයේ දී පැවති දෙරටේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවකින් අනතුරුවයි ට්‍රම්ප් මේ පිළිබඳ සඳහන් කළා.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස ලෙසට සිය නාවික හමුදාවට අණකළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය Truth Social ගිණුමෙහි සටනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ මුහුදු බෝම්බ අටවන ඕනෑම යාත්‍රාවක් දුටු වහාම කිසිදු පැකිලීමකින් තොරව ප්‍රහාර එල්ල කරන ලෙසට උපදෙස් දී ඇති බවයි.
මේ අතර, ඉරානය සතු යුධ නැව් 159ක් පමණ දැනටමත් මුහුදු පතුලට යවා ඇති බව ට්‍රම්ප් අවධාරණය කළා.
මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටින බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන ලෙසට තමන් නියෝග කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා .
ඒ අනුව, මුහුදු මාර්ගයේ බෝම්බ අටවන කුඩා බෝට්ටු වුවද විනාශ කිරීමට නාවික හමුදාවට පූර්ණ බලය පවරා තිබෙනවා.

මේ අතර, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින තාවකාලික සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ධවල මන්දිරයේ දෙරටේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ට්‍රම්ප් මේ පිළිබඳ සඳහන් කළා.
මෙම සාකච්ඡා සාර්ථක බවත්, ලෙබනනය යළි ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට තමන් උපකාර කරන බවත්, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුවයි ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ද මෙලෙස දීර්ඝ කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමට තමන් දැඩි උනන්දුවකින් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ සඳහා තමන්ට ඕනෑ තරම් කාලය ඇති නමුත් ඉරානයට එසේ නොමැති බවයි.
මේවන් පසුබිමක් තුල, ඉදිරි වසර තුළ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ස්ථීර සාම ගිවිසුමකට එළඹීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

මේ අතර ඉන්දියන් සාගරයේ ඉන්දු-පැසිෆික් විධාන බල ප්‍රදේශය තුළදී තවත් බොරතෙල් නෞකාවක් සිය භාරයට ගත් බව ඇමරිකානු යුද දෙපාර්තමේන්තුව පවසනවා.
ඇමරිකානු හමුදා විසින් අත්පත් කරගෙන ඇත්තේ ඉරාන බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ එම්.ටී. මැජෙස්ටික් එක්ස් නැමැති නෞකාවයි.
ඇමෙරිකාව සහ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඇතිකර ගෙන ඇති මතභේදාත්මක තත්ත්වය මත මේ වන විට මැදපෙරදිග කලාපයේ අස්ථාවරභාවය යළි ඉහළ ගොස් තිබෙනවා.
මෙවන් පසුබිමක් තුල, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, වෙළෙඳපොළ දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.97ක් ලෙස සටහන්ව ඇති අතර, එය 1.17%කින් ඉහළ ගොස් තිබෙනවා.
මර්බන් බොරතෙල් බැරලයක මිල මිල ඩොලර් 105.95ක් දක්වා 2.74%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන සෙනසුරාදා ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පැවැත්වෙන විශේෂ ක්‍රිප්ටෝ මුදල් සමුළුවක් ඇමතීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
මෙම සමුළුවේ ඇති සුවිශේෂීම සහ මතභේදාත්මක කරුණ වන්නේ ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් නම් කර ඇති “$TRUMP” නමැති මීම් කොයින් වර්ගය වැඩි වශයෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයින් 297 දෙනෙකුට පමණක් වීමයි.
2025 ජනවාරි මාසයේදී නැවත ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ මුදල් ක්ෂේත්‍රයට හිතකර ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දී ඇති අතර මෙම සමුළුව ඔහුගේ එම ගමන් මගෙහි තවත් තීරණාත්මක පියවරක් වනු ඇති.
කෙසේ වෙතත්, එලිසබෙත් වොරන් ඇතුළු ප්‍රමුඛ පෙළේ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් පිරිසක් මෙම සමුළුවට එරෙහිව සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ අතර, ලෝක මට්ටමේ වෙනත් වැදගත් වර්ධනයක් ලෙස China ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් තෙල් මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටින බවට වාර්තා වනවා.
විශේෂයෙන්ම ඇමරිකානු ඩොලරයට විකල්පයක් ලෙස ඩිජිටල් මුදල් භාවිතා කරමින් ගෝලීය වෙළඳපොළේ බලපෑම වැඩි කිරීමට චීනය උත්සාහ කරන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙම සියලු වර්ධනයන් හේතුවෙන්, ක්‍රිප්ටෝ මුදල් හා රාජ්‍ය නායකත්වය අතර සම්බන්ධතාවය පිළිබඳ ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Share