ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙයි

සිඩ්නි හි බොන්ඩායි වෙරළේ හනුක්කා උත්සවයකදී සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ගේ සංචාරයට විරෝධය පළ කරමින් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර සිඩ්නි නුවරදී දැඩි ගැටුම් ඇති වුනා.
මෙහි දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විරෝධතාකරුවන්ට සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටි අතර විරෝධතා සාමකාමීව පවත්වා ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.
ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් පසු, විරෝධතාකරුවන් 10 දෙනෙකු ඇතුළුව 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි සිඩ්නි පොලිසිය පවසන්නේ.
පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ගම්මිරිස් දියර පවා භාවිතා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share