ඊශ්‍රායල් අගමැති සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමින් සැරසී මෝදි හමුවට

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ ඊශ්‍රායලයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව සිටියා.
අගමැති මෝදි වෙනුවෙන් සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමින් සැරසී පැමිණි ඊශ්‍රායල් අගමැතිවරයා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පුදුමයට පත් කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකළ ජන සංහාරය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඊශ්‍රායලය සමග සුහද සබඳතා දුරස්කර තිබියදී සිදුවන ඉන්දීය නායකයාගේ ඊශ්‍රායල් සංචාරය ඉන්දීය විපක්ෂයේ මෙන්ම ලෝකයේ බොහෝ වාමාංෂිකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
එවැනි පසුබිමක තම රටට ආ ඉන්දීය නායකයාට උපරිම ගෞරවය පිරිනැමීමට ඊශ්‍රායල් නායකයා දරන උත්සාහය මෙම ඇදම් මාරුවෙන් පෙන්නුම් කරන බවයි විචාරකයින් පවසන්නේ.

Share