ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ඝාතනය කරයි

බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමේ ඉහළම හමුදා නිලධාරියා ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පැවසුවා.

මෙම ප්‍රහාරය එල්ල වන්නේ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් වසරකට පෙර සටන් විරාමයක් ඇති කර ගෙන තිබියදීයි.

මාස ගණනාවකට පසු ලෙබනන් අගනුවරට ආසන්නයේ සිදු වූ පළමු ප්‍රහාරයෙන් හිස්බුල්ලා හි වැඩබලන මාණ්ඩලික ප්‍රධානී Ali Tabtabai මරා දැමූ බව ඊශ්‍රායල් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා ස.

හිස්බුල්ලා සංවිධානය ද එය තහවුරු කළා.

ඊශ්‍රායලයේ ප්‍රහාරය “රතු රේඛාවක් පසු කිරීමක් බව පවසන හිස්බුල්ලා සංවිධානය ප්‍රතිචාර දක්වන්නේද සහ ඒ කෙසේද යන්න තීරණය කරන බව පවසනවා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 28 දෙනෙකු තුවාල ලැබූ බවයි.

Share