ඊශ්‍රායලය ගාසා තීරය සහ ඊජිප්තුව අතර දේශසීමාව සීමිත පිරිසකට පයින් ගමන් කිරීම සඳහා අද නැවත විවෘත කළා.
එමඟින් පලස්තීනුවන් සුළු පිරිසකට එම ප්‍රදේශයෙන් පිටව යාමට සහ යුද්ධයෙන් පලාගිය සමහරුන්ට පළමු වරට නැවත පැමිණීමට ඉඩ සැලසුණා.
පලස්තීන මූලාශ්‍රයක් පැවසුවේ පළමු දිනයේ දී පලස්තීනුවන් 50 දෙනෙකු ගාසා තීරයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එහිදී ඔවුන්ට දැඩි ඊශ්‍රායල ආරක්ෂක පරීක්ෂාවන්ට මුහුණ දෙනු ඇති බවයි.
ඒ හා සමාන සංඛ්‍යාවකට පිටව යාමට ද අවසර හිමිවනු ඇති.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ස්ටීව් විට්කොෆ්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල හමුදා ප්‍රධානියා හමුවීම සඳහා හෙට ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි.





