ඊලෝන් මස්ක්ගේ ග්‍රෝක් කෘත්‍රිම බුද්ධි මෙවලම පිළිබඳ බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණ

ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන ග්‍රෝක් කෘත්‍රිම බුද්ධි මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පරීක්ෂණය සිදු කරන්නේ බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින්.
මෙම පරීක්ෂණය මාර්ගගත සුරක්ෂිතතා පනත හෙවත් Online Safety Act යටතේ සිදු කෙරෙන අතර, එම නීතිය උල්ලංඝනය වී ඇති බව තහවුරු වුවහොත් දඩ පැනවීම්, සේවා සීමා කිරීම් මෙන්ම බරපතළ අවස්ථාවලදී බ්‍රිතාන්‍යය තුළ අදාළ යෙදුම් සහ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම තහනම් කිරීම ද ඇතුළුව දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ හැකියි.
මේ අතර ඉන්දුනීසියාව සහ මැලේසියාව විසින් එලොන් මස්ක්ගේ ග්‍රෝක් (Grok) කෘත්‍රිම බුද්ධි මෙවලම රට තුළ අවහිර කර තිබෙනවා.
කාන්තාවන්ගේ සහ බාලවයස්කරුවන්ගේ අසභ්‍ය සහ අශෝභන රූපවලින් අන්තර්ජාලය පිරීයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share