ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් දෙකකින් පහළට

මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් දෙකකින් පහළ දැමුණා.
සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුව නැහැ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙබරවාරි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව රුපියල් 279ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් ‍දෙකකින් පහළ දමා තිබෙනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් දෙකකින් අඩු කෙරුණා.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනයක් සිදුව නැහැ.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා IOC, සිනොපෙක් මිල ගණන් ද සංශෝධනය කර තිබෙනවා.
පාරිභෝගිකයන් මෙන්ම ප්‍රවාහන සංගම් නියෝජිතයන් ද ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පල කළා.

Share