පසුගිය දිනවල දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුවත් සමග වෙළඳ පොලේ උඩරට එලවලු වලට සාපේක්ෂව පහත රට එලවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසනවා.
කොළඹ ප්‍රදේශයේද එළවලු මිල බහුතරයක් ස්ථාන වල ඉහළ ගොස් ඇති අතර නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න පැවතීම හේතුවෙන් උඩරට එළවලු මිල ඉහල නොයන බවයි කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල අප රටේ එළවළු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් වැඩිම අපහසුතාවයකට පත්ව ඇත්තේ පාරිභෝගිකයින්.
එළවළු වෙළඳපොළට යන පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු මැසිවිලි නගමින් ආපසු පැමිණෙන ආකාරය දක්නට පුළුවන්.
ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට එළවළු ඇතුළු සියලූ පාරිභෝගික භාණ්ඩ දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගිය ද පසුව ක්‍රම ක්‍රමයෙන් එම මිල ගණන් පහළ බසින්නට පටන් ගත්තා.
කෙසේ වෙතත් එම මිල ගණන් මීට වසර හතරකට පමණ පෙර තිබූ සීමාවන් ආසන්නයට වත් නොපැමිණීම විශේෂත්වයක්.
එලෙස පසුගිය වසර කිහිපය තුළ විවිධ අවස්ථාවන්වල දී දේශීය වෙළඳපොළේ එළවළු මිලෙහි වැඩිවීමක් සිදු වූ අතර මේ වන විට උත්සව සමයේ දී සාමාන්‍යයෙන් ඉහළ යන මිලටත් වඩා දරාගත නොහැකි ආකාරයට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
බොහෝ දෙනෙක් මීට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ පැවති ආපදා තත්ත්වයයි.
ලංකාවේ වැවෙන එළවළු වර්ග, උඩරට එළවළු සහ පහතරට එළවළු වශයෙන් කොටස් දෙකකට වෙන් වන අතර උඩරට එළවළු මිල සෑම විටම පවතින්නේ පහතරට එළවළු මිලට වඩා වැඩි අගයක් පෙන්වමින්.
කෙසේ වෙතත් මේ දිනවල අසාමාන්‍ය ලෙස පහතරට එළවළු මිල මෙරට පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙනවා.
මේ පිටකොටුව ප්‍රදේශයේ එළවලු වල මිල අද පැවති ආකාරයයි. ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 200කටත්, තක්කාලි, වම්බටු, බෝංචි කිලෝවක් රුපියල් 500ක මිලටත්, පතෝල කිලෝවක් රුපියල් 550කටත් මිල සටහන් ව තිබුනා. අද අමුමිරිස් කිලෝවක මිල දැක්වුනේ රුපියල් 1000ක් ලෙසටයි.
ඒ අනුව පහතරට එළවලු වන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුලු එළවලු වර්ග කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි වු අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කෙරුණා.
ඒ හැරුණු විට කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි උඩරට එලවලු වර්ග අලෙවි වුනේ රු.300-350ත් අතර මිලකටයි.
මේ අතර මාලු මිරිස් කිලෝවක් රු.1300,කටත් බෝංචි කිලොවක මිල රු.1000ක් ලෙසටත් මිල නියම වී තිබුනා.
SOUND UP – තොඟ වෙළෙඳුන්, පාරිභෝගිකයින්
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට දින දෙකකට පෙර එළවලු කිලෝ 91,510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන නිළධාරියෙකු සඳහන් කලේ.
එලෙස ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑලිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න පැවතීම හේතුවෙන් උඩරට එළවලු මිල ඉහල නොයන බවයි එම නිළධාරියා කියා සිටියේ.
මේ අතර දෛනික මිල දර්ශකයට අනුව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ
තොග මිල දැක්වුනේ
බෝංචි කිලොග්‍රෑම් 01 450-550කටත්, ගෝවා කිලොග්‍රෑම් 01- 200-320ටත්
කැරට් කිලොග්‍රෑම් 01 ක්, 220-260 ත්, සළාද කොළ 900-1000ත් අතර හා තක්කාලි 470ත් 530 ත් අතර මිලකටයි.
මේ අතර කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලොග්‍රෑම් 01ක මිල සටහන් වුයේ
බෝංචි කිලොග්‍රෑම් 01 රුපියල් 400-500ත්, වම්බටු කිලොග්‍රෑම් 01 රුපියල් 400-450, ගෝවා කිලොග්‍රෑම් 01 රුපියල් 200-250ත් අතර මිලකටයි.
එමෙන්ම කැරට් කිලොග්‍රෑම් 01 ක් රුපියල් 200-250ත් අතර මිලකටත්, ලීක්ස් කිලොග්‍රෑම් 01 ක් රුපියල් 220-260 කටත් සළාද කොළ කිලෝවක් රුපියල් 600-650ත් අතර හා තක්කාලි කිලොග්‍රෑම් 01 ක් රුපියල් 450ත් 500 ත් අතර මිලකටත් අලෙවි වුනා.
මීට අමතරව තුඹකරවිල කිලොග්‍රෑම් 01ක් රුපියල් 700කටත්, තිත්බටු කිලෝවක් රුපියල් 600කට හා එළබටු කිලෝවක් රුපියල් 480ක මිලකටත් අලෙවි වුනා.





