ඉරාන විරෝධතා අතරතුර මිය ගිය ගණන 538 දක්වා ඉහළට

ඉරාන විරෝධතා අතරතුර මිය ගිය ගණන 538 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතුර විරෝධතාකරුවන් 500කට ආසන්න පිරිසක් සිටින අතර වැඩිදෙනෙකුගේ හිසට වෙඩි වැදී ඇතැයි සඳහන්.
විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 10,600කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.
මේ අතර ඉරානය පුරා පැවැත්වෙන විරෝධතාවලට එරෙහිව එරට බලධාරීන් විසින් ප්‍රචණ්ඩත්වය සහ අසීමිත ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සිය දැඩි කම්පනය පළ කර තිබෙනවා.
බලධාරීන් සංයමයෙන් කටයුතු කළ යුතු බව පවසන මහලේකම්වරයා වහාම සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කරන ලෙස ද ඉල්ලා සිටිනවා.

Share