ඉරානය සමඟ යුද අවදානමක් පිළිබඳව ජෙනරාල් ඩෑන් කේන් තමාට අනතුරු ඇඟවූ බවට පළ වන වාර්තා මුලුමනින්ම වැරදි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මේ අතර, ඉරාන ආරක්ෂක අංශ විසින් විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමෙන් දහස් ගණනක් මිය යාමෙන් මාසයකට පමණ පසු ඉරානයේ විශ්ව විද්‍යාල සිසුන් යළි ආරම්භ කළ විරෝධතා අඛණ්ඩව තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වනවා.
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන ආතතියේ නව සලකුණක් ලෙස, එක්සත් ජනපදය බේරූට් හි තානාපති කාර්යාලයෙන් අත්‍යවශ්‍ය නොවන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.





