ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ සාමය පිළිබඳ බලාපොරොත්තු පහවයයි

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් පිළිබඳ බලාපොරොත්තු පහව ගොස් තිබෙනවා.

මාස දෙකක ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා ටෙහෙරාන් හෝ වොෂින්ටනය කොන්දේසි මෘදු කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වීම සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සති අන්තයේ පකිස්ථානයේ සිට හිස් අතින් ආපසු පැමිණි අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ නියෝජිතයන්ගේ ඉස්ලාමාබාද් සංචාරය අවලංගු කළා.

ඉරාන රජයේ ප්‍රකාශයකට අනුව, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්ට දුරකථනයෙන් පැවසුවේ තර්ජන හෝ අවහිර කිරීම් යටතේ ටෙහෙරානය ” සාකච්ඡා” වලට එළඹෙන්නේ නැති බවයි.

ගැටුම විසඳීම සඳහා සාකච්ඡාවට කිසියම් පදනමක් දැමීමට පෙර, ඉරාන වරායන් අවහිර කිරීම ඇතුළු “මෙහෙයුම් බාධක” එක්සත් ජනපදය මුලින්ම ඉවත් කළ යුතු බව පෙසෙෂ්කියන් පවසා තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පසුගිය සිකුරාදා රාත්‍රි ඉස්ලාමාබාද් වෙත පැමිණි අතර අගමැති ෂෙබාස් ෂරීෆ් ඇතුලු ඉහළ පෙළේ හමුවීම් කිහිපයකට එක් වුණා.

ඉරාන නියෝජිත පිරිස ඊයේ පිටත්ව ග්ය අතර අරක්චි ඔහුගේ පකිස්ථාන සංචාරය “ඉතා ඵලදායී” එකක් ලෙස විස්තර කළා.

කිසිදු සාකච්ඡාවක් නොකර සිටීමට පැය 18ක ගුවන් ගමනක් අනවශ්‍ය බව පවසමින් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ⁣නියෝජිතයන්ගේ සාකච්ඡාව අවලංගු කරනු ලැබුවා.

ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත පැමිණිමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් Truth Social හි, තැබූ සටහනක ට්‍රම්ප් පවසා තිබුණේ ඉරාන නායකත්වය තුළ “අතිමහත් අභ්‍යන්තර ගැටුම් සහ ව්‍යාකූලත්වයක්” ඇති බවයි.

සාකච්ඡාවට පැමි⁣ණෙන අය පවා ඔවුන් වගකිව යුත්තතේ කාටදැයි නොදන්නා බව එක්සත් ජනාධිපතිවරයා ⁣ටෲත් සෝෂල් හි ලියා තිබුණා.

සාමය පිළිබඳ අපේක්ෂා එකින් එක බිඳ වැටෙද්දී ලොව විශාලතම ආර්ථිකය සහ ප්‍රධාන තෙල් බලවතෙකු ගැටුමක සිර වී සිටිනවා.

ඒ තුළ දැනටමත් බලශක්ති මිල ගණන් වසර ගණනාවකට පසු ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, උද්ධමනය ද වර්ධනය වී ගෝලීය වර්ධන අපේක්ෂාවන් ද බිඳ වැටී තිබෙනවා.

Share