ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් සතුටු නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි

ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් සතුටු නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්ඡා අද දිනයේදීත් පැවැත්වෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කරනවා.

ඉරානය සමඟ ගිවිසුමකට පැමිණීමට තමන් කැමති නමුත් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත් ට්‍රම්ප් යළි අවධාරණය කළා.
මේ අතර, කිසිදු අමෙරිකානුවෙකු කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය නොකළ යුතු බවත්, දැනට ඉරානයේ රැඳී සිටින අමෙරිකානුවන්ට වහාම ඉන් පිටවන ලෙසත්, අමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

Share