ඉරානයේ කමේනිට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් ඉරානයට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බව බව ඉරාන ජනාධිපති පවසයි

ඉරානයේ අධයාත්මික නායක අයතුල්ලා අලි කමේනිට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් ඉරානයට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බව බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ඊයේ එරට මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ඊයේ පොලිටිකෝ සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කර තිබුණේ , ඉරාන ආධ්‍යත්මික නායකයාගේ වසර 40 කට ආසන්න පාලනය අවසන් කළ යුතු බවයි.

Share