ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ හි සටහනක් තබා තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ හොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අලි ලරිජානි අනතුරු අඟවා ඇත්තේ ඉරානයේ පවතින මෙම තත්ත්වයන් සඳහා ඇමරිකාව මැදිහත් වන්නේ නම් එය මුළු කළාපයම අස්ථාවර වන අමෙරිකානු අවශ්‍යතා විනාශ වන ප්රයත්නයක් බවයි.





