අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම සැකකරුවන් ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ හලාවත ඉරණවිල පිහිටි හෝටලයක රැදී සිටියදී.





