පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 17 බැගින් වූ බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මෙවර ඔවුන් වරදකරුවන් වූයේ 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් පිරිනමන ලද සුඛෝපභෝගී රාජ්‍ය තෑගි අඩු මිලට මිලදී ගැනීම සම්බන්ධ දූෂණ නඩුවකට අදාළවයි.
මේ අතර සිරදඬුවමට අමතරව ඔවුන් දෙදෙනාටම පාකිස්ථාන රුපියල් මිලියන 16.4 බැගින් වූ දඩ මුදලක්ද ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා නඩු 100 කට වැඩි ගණනකට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී ඇති අතර මෙම යුවළ දැනටමත් එවැනි වැරදි කිහිපයක් සඳහා සිර දඬුවම් විඳිමින් සිටිනවා.





