ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් ඉස්ලාමාබාද්හි රජයේ රෝහලකට රැගෙන යයි

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් ඉස්ලාමාබාද්හි රජයේ රෝහලකට දැඩි ආරක්ෂාවක් යටතේ අක්ෂි ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.

කෙසේවෙතත ඔහුගේ පක්ෂය සහ පවුලේ අය රහසිගතව මධ්‍යම රාත්‍රියේ සිදු කරන ලද සැත්කමක පිළිබඳ කනස්සල්ල පළ කරනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා සිරගත කර සිටි ආඩියාලා බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද්හි පකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයට මාරු කරන ලද අතර, ඇසට එන්නතක් ලබා දීමට නියමිත බව රෝහල නිවෙිදනය කළා.

අත්අඩංගුවේ සිටියදී ප්‍රමාද වූ ප්‍රතිකාර හේතුවෙන් ඔහුගේ දකුණු ඇසේ පෙනීමෙන් සියයට 85 ක් අහිමි වූ බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් පසු 74 හැවිරිදි දේශපාලනඥයාගේ සෞඛ්‍යය පිළිබඳව කනස්සල්ල වැඩි වෙමින් පවතිනවා.

ඛාන් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ දකුණු ඇසේ රුධිර කැටියක් ඉවත් කිරීම සඳහා ජනවාරි අග දී සැත්කමක් කළ බවත් රජය පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ අය ඔහුගේ විශ්වාසවන්ත පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් උපදෙස් නොගෙන ප්‍රතිකාර ලබා දීමට විරුද්ධ වී ඇති අතර, හදිසි සහ ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටිනවා.

Share