ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා

මේ අතර ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ඊයේ අලුයම ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සහ ශ්‍රී ලාංකිකයින් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද සමගින් ඉරාන බලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඕමාන් මුහුදේ වෙරළට ඔබ්බෙන් නීතිවිරෝධී ඩීසල් ඉන්ධන ලීටර් මිලියන 6ක් රැගත් ඉන්ධන නෞකාවක් මෙලෙස ඉරාන බලධාරීන් භාරයට ගැණුනා.
ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දියා, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ජාතිකයන්ගෙන් සමන්විත බවයි.
මේ සම්බන්ධයෙන් ටී වී සුප්‍රීම් නිව්ස් කළ විමසීමක දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු මහතා පැවසුවේ නෞකා කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රීලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

Share