ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් යටියන්තොටදී අනතුරට ලක්වෙයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් විදෙස් සංචාරකයින් රැගත් බස්රථයක් යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේ දී පෙරළී යෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම බස් රථය පෙරළී යද්දී මාර්ගය අසල රැදී සිටි කාන්තාවක් එම රථයේ ගැටී මියගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ තම දරුවන් දෙදෙනා පෞද්ගලික උපකාරක පන්තියක් වෙත රැගෙන යෑමට මාර්ගය අසල රැඳී සිටි 40 හැවිරිදි මවක්.
අනතුරෙන් මියගිය මව සමග සිටි දරුවන් දෙදෙනා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.
ඒ් සමගම අනතුරට පත් බස්රථයේ සිටි ඉන්දීය සංචාරකයින් දෙදෙනෙක් ද තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කරනු ලැබුවා
බස් රථයේ සිටි සෙසු ඉන්දීය ජාතිකයින් සියලු දෙනා පොලිසිය මැදිහත්ව වෙනත් ආරක්ෂිත ස්ථානයට රැගෙන යනු ලැබුවා.
යටියන්තොට පොලිසිය අනතුර සම්බනධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share