ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය යුද හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා නිල සංචාරයක් සඳහා ඊයේ මෙරටට පැමිණියා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහත්වරුන් විසින් ඉන්දියානු යුද හමුදාධිපතිවරයා පිළිගනු ලැබුවා
සිය දෙදින නිල සංචාරය අතරතුර ඔහු, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිත අතර එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.





