ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය රට තුළ විකාශනය කිරීම තහනම් කිරීමට බංග්ලාදේශ රජය කටයුතු කරයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින ක්‍රිකට් සහ දේශපාලන ගැටුම තවදුරටත් වර්ධනය වන පසුබිමක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය රට තුළ විකාශනය කිරීම තහනම් කිරීමට බංග්ලාදේශ රජය කටයුතු කර තිබෙනවා.
බංග්ලාදේශය මෙම තීරණය ගෙන ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමට ගත් මතභේදාත්මක තීරණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමට ගත් තීරණයට කිසිදු හේතුවක් දැනුම් දී නොමැති බව” සහ “මෙම වර්ධනය බංග්ලාදේශ ජනතාව අතර කනස්සල්ලට හේතු වී ඇති” බව තොරතුරු හා විකාශන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
එහි සඳහන් වන්නේ විකාශන කටයුතු අත්හිටුවීමේ තීරණය “මහජන යහපත සඳහා” ගෙන ඇති බවයි.
අදාළ තීරණය බංග්ලාදේශ ජනතාව අතර නොසන්සුන්තාවකට හේතු වූ බව නිවේදනය කළ බංග්ලාදේශ තොරතුරු හා විකාශන අමාත්‍යංශය පොදු ජන යහපත උදෙසා තරගාවලිය විකාශය කිරීම තහනම් කළ බවයි.
මෙහි තවත් වර්ධනයක් ලෙස ලබන මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත t 20 ලෝක කුසලාන තරගාවලියේදී, තමන් සහභාගී වන සියලුම තරග ඉන්දියාවෙන් බැහැරට ගෙන යන ලෙස බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ මූලික වටයේ බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය සහ එංගලන්තය සමග තරග කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හි දී සහ නේපාලය සමග තරගය මුම්බායි වන්කඩේ හි දී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලිය සඳහා සහභාගීවන පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට පැමිණියා‌.
තරගාවලිය පැවැත්වෙන්නේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.
තරගාවලියේ පළමු තරගය අනිද්දා රාත්‍රී 7ට ආරම්භ වනවා.

Share