ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට කඩුළු 5ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පැවති තරගය කඩුළු 5කින් ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.

හයිද්‍රාබාද් හීදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලක්නව් සුපර් ජයන්ට්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට සත්කාරකයින්ට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි.
තම නායකායාගේ තීරණයට උපරිම සාධාරණයක් කළ ලක්නව් පන්දුයවන්නන්, සන්රයිසස් මුල් කඩුළු 4 ලකුණු 26ක් තුළදී බිඳ දමන්නට සමත් වුණා.
කඩා වැටුණු සන්රයිසස් ඉණිම යම් ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන ගිය හෙන්රිච් ක්ලාසන් පන්දු 41ක් තුළදී ලකුණු 62ක් රැස්කර ගත්තා.
ඔහුට අනගි සහයක් වූ නිතිෂ් කුමාර් ලකුණු 56ක් රැස් කළා.
ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව යළි තරගයට පිවිසි ලක්නව් පන්දුයවන්නන් ලකුණු 14ක් තුළදී තවත් කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුළු 5ක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත් වුණා.
ලක්නව් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් වුණා.

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු සහ චෙන්නායී සුපර් කිංග්ස් අතර තරගය බැංග්ගලූරු හීදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායී කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බැංග්ලූරු කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව සත්කාරකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 250ක අති දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
බැංග්ගලූරු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටිම් ඩේවිඩ් නොදැවී, පන්දු 25කින් ලකුණු 70ක් රැස්කළා.
ඔහුගේ ඉණිම හයේ පහර 8කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.
ඔහුට අනගි සහයක් වූ දේව්දත් පඩික්කල් ලකුණු 50ක් රැස්කර ගත්තා.
රජත් පටිදාර් නොදැවී ලකුණු 48යි.
ලකුණු 251ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායී කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 207ක් පමණයි.
ඒ අනුව සත්කාරක බැංග්ලූරු කණ්ඩායම ලකුණු 43කින් මෙම තරගය ජය ගැනීමට සමත් වුණා.
තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 3ම චෙන්නායී කණ්ඩායම පරාජය වී සිටිනවා.
කොල්කටා නයිට් රයිඩර්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගට අද රාත්‍රී 7.30ට කොල්කටා , ඊඩ්න් ගාන්ඩ්න්ස් හීදී පැවැත්වීමට නියමිතයි

Share