ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටේ

සුප්‍රසිද්ධ ඩුබායි ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටුණා.
අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළ අහසේ පැවැත්වුණු සංදර්ශනය අතරතුර ගුවන්යානාය කළු දුමාරයක් සමග කඩා වැටෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල දැක්වෙනවා.
අනතුරින් එහි නියමුවා මිය ගියා.
පසුගිය වසරේ, ඉන්දියාවේ වයඹදිග රාජස්ථාන් ප්‍රාන්තයේදී තේජාස් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණු නමුත්, එහිදී නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගත්තා.

Share