මෝදි ලබන සතියේ ඊශ්‍රායලයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ ඊශ්‍රායලයට පැමිනීමට නියමිත බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
මෙම සංචාරය දෙරට අතර පවතින “දැවැන්ත සන්ධානය” තවදුරටත් ශක්තිමත් කරන අතර ම බහුවිධ අංශ හරහා සහයෝගීතාව පුළුල් කරන බවයි නෙතන්යාහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම සංචාරය පෙබරවාරි 27-28 දිනවල සිදුවීමට නියමිත අතර නරේන්ද්‍ර මෝදි සිය තෙවන ධුර කාලය තුළ ඊශ්‍රායලයේ නිරත වන පළමු සංචාරය ද මෙයයි.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම, බටහිර ආසියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී අවදානය යොමුකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share